Wednesday, August 31, 2011

කිසිදු software එකක් භාවිතා නොකර Windows 7 logon screen එක වෙනස් කර ගැනීම

Windows xp වලදි නම් මේ වගේ වැඩ කර ගන්න Logon Studio හෝ Tune up Software එක භාවිතා කළ බව මතකයි මතකයි වගේ.Windows xp වලදිත් boots screen,logon screen වෙනස් කිරීම software භාවිතා නොකර කර ගන්න පුලුවන්.නමුත් ඒක risky වැඩක්.ඒ නිසා software එකක් මගින් සිදු කිරීම ඇගට ගුණයි.නමුත් Windows 7 දි මේ තත්වය වෙනස් වෙලා තියෙනව.
හරි අපි වැඩේට බහිමු.
1)මුලින්ම Windows ස්ථාපිත කරල තියෙන පාටිෂන් එක වෙත පිවිසෙන්න.
2) \Windows\System32\oobe පාත් එක හරහා ගොස් එහි New folder නිර්මාණය කර එය info ලෙස rename කරන්න.නැවතත් info තුළ ද New folder නිර්මාණය කර එය backgrounds ලෙස rename කරන්න.  
3)දැන් එය තුළ ඔබට වෙනස් කිරීමට අවශ්‍ය wallpaper එක paste කරන්න. එය backgroundDefault ලෙස rename කරන්න.සැ.යු-මෙහිදී JPEG වර්ගයේ wallpaper එකක් භාවිතා කළ යුතු අතර එය 256KBට වඩා අඩු විය යුතුයි.
4)Start menu එකේ regedit ලෙස search කර regedit වෙත පිවිසෙන්න. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background යටතේ ඇති OEMBackground එකේ value එක 0 සිට 1 ලෙස වෙනස් කරන්න.
හරි දැන් වැඩේ ඉවරයි.බලන්න හරි ගිහිල්ල ද කියල...

Motrolla සමාගම විකුණයි...

What Would Google Do?මේක නම් සෑහෙන අලුත් ආරංචියක්...Motrolla සමාගමේ Motrolla mobility කියන motrolla phones හදන section එක Google සමාගම විසින් මිළට ගැනීමට යනවා.මේ ගණුදෙනු මේ අවුරුද්දෙ අන්තිම හෝ ලබන අවුරුද්දෙ මුල සිදු වෙයි කියල තමයි කතාව තියෙන්නෙ...ගූගල් සමාගමට Android සමාගමත් අයිති නිසා මොබයිල් ෆොන් මාකට් එකටත් සෑහෙන බලපෑමක් ඉදිරියට කරාවි.

Tuesday, August 30, 2011

Facebook members're in danger....

ඔබ සමහර විට මේ ගැන දැනුවත් ඇති.නමුත් මම කියන්නම්...
හුගක් facebook සාමාජිකයන් facebook හරහා එවන facebook applications allow කරනවා.හැබැයි symantec සමාගම මේ ළගදි හොයා ගෙන තියෙනව මේ හුගක් දෙනෙක් භාවිතා කරන facebook applications 100,000 ක් පමණ හරහා තවත් තුන් වන පාර්ශවයකට මෙම app භාවිතා කරන සාමාජිකයන්ගේ ගිණුම්වල තොරතුරු සොයා බැලීමට හැකි වී තිබෙනවා.
පුදුමයට කාරණය නම් මේක අවුරුදු දෙක තුනක සිටම සිදුවීමයි...
මේකට හේතු වෙලා තියෙන security ගැටලුව මේ වන විට නිවැරදි කර ඇති බවයි පැවසෙන්නේ.මෙහිදී අප විසින් application    ලබා දෙන අවසරය තුන්වන පාර්ශවයටද ලබා ගැනීමට හැකි වූ බව සදහන්.කොහොම වුනත් මේවයින් ආරක්ෂා වීමට පියවර ගන්න....
ආආආ...තවත් කරුණක්...ඔබට මීට මාස කිහිපයකට පෙර ඔබේ facebook ගිණුමට නිතර නිතර ඔබේ fb ගිණුම වැඩිපුරම නරඔා ඇත්තේ කවුද කියල බලන්න කැමතිද? කියල පණිවිඩ ආව මතක ඇති නේද...මේකත් spam application එකක්.මේ හරහා ගියහම අපිට කියනව ඒ ගොල්ල දෙන java script එක       වෙනත් කෙනෙකුගෙ wall එකට පේස්ට් කරන්න කියල..මෙමගින් ඔවුන්ට ලේසියෙන්ම accounts වලට ඇතුලු වෙලා spam කරන්න පුලුවන්.මෙම app එක දැන් ඉවත් කරන්න උත්සහ කරනවලු.ඔබේ acount එකත් තවමත් මේ application එක තියෙනම් දැන්ම අයින් කරන්න.

User Account Password එකක් Hack කරමු

ම්ම්ම්....තාක්ෂණය ගැන කතා කරන්න ඉස්සෙල්ල මට හිතුන මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කතා කරොත් හොදයි කියල.මට මේ ගැන කතා කරන්න හිතුනෙ අපේ ලසිත්ට මේ ළගදි වුණ අකරතැබ්බයක් මතක් වෙලා.වැඩිය කතා බහක් නැතුව අපි වැඩේට බහිමු.මම මේ කියන විදියට xp විතරක් නෙමෙයි vista,windows 7 වල user accounts hack කරන්න පුලුවන්.මම පස්සෙ මීට වඩා ලේසියෙන් xp user accounts කරන හැටි කියන්නම්.
මුලින්ම කරන්න පොඩි වැඩක් තියෙනව. http://pogostick.net/~pnh/ntpasswd/ මේ තියෙන ලින්ක් එකෙන් Offline Windows Password & Registry Editor (for usb drives) ඩවුන්ලෝඩ් කර ගන්න.වඩා ලේසියි බූටබල් සීඩී එකක් නැතුව බූටබල් pen drive එකක් හදා ගන්න අවශ්‍ය software එක ගන්න එක.ඔය ඩවුන්ලොඩ් කරපු සොෆ්ට්වෙයාර් එකත් එක්ක හම්බ වෙන readme එකේ තියෙන විදියට බූට් ලෝඩර් එකත් හදා ගන්න.
හරි දැන් දෙවෙනි පියවර
PC එක රීස්ටාට් කරන්න.අමතක නොකර බයෝස්වලින් pen drive එක බූට් වෙන විදියට හදන්න.දැන් බූට් වෙන්න ඉස්සෙල්ල 1 රූපයේ විදියට තිරයක් ලැබේවි.දැන් Enter key එක press කරන්න.
ඊට පස්සෙ වින්ඩෝස් ඉන්ස්ටෝල් කරල තියෙන පාටිෂන් 1 තෝරන්න.
දැන් 2 රූපයේ ආකාරයට තිරයක් ලැබේවි.එතකොට කරන්න තියෙන්නෙ Enter ,press කරන එක විතරයි
ඊළගට ඔබට ලැබෙන අවස්ථා දෙකෙදීම 1 ලෙස ලබා දෙන්න.
දැන් ඔබට වෙනස් කරන්න අවශ්‍ය password එක තියෙන user accont එක ලබා දෙන්න.(3 රූපය)
ඊළග අවස්ථාවෙදි ලැබෙන options වලින් ඔබ සැම විටම ලබා දිය යුත්තේ පළමු වැනි option එකයි.කිසි විටෙක දෙවැන්න ලබා දෙන්න එපා.එහෙම නොවුනොත් ඔබට ලොකු කරදරයකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ.මම මේ කියන්නෙ අත්දැකීමෙන්.
දැන් 3 රූපයේ තිරය නැවත ලැබේවි.දැන් ! සළකුණ ලබා දෙන්න.
ඊළගට ලැබෙන අවස්ථාවේදී "q" press කරන්න.
දැන් ඔබෙන් SAM file pen drive එකට save කරන්න දැයි අහවි.මෙහිදී n නොදී y දෙන්න.(4 රූපය).ම්ම්ම්...ඇත්තටම මොකක්ද මේ SAM file කියන්නෙ? SAM file එකේ තමයි user accounts වල passwords රදවල තියෙන්නෙ.ඔබට යම් අවස්ථාවකදී වැරැද්දක් සිදු වෙලා නැවත user accounts වලට පිවිසෙන්න බැරි වුනොත් මෙම SAM file එක උපකාර වේවි.ඇත්තටම User account password hack කරන්න windows partition එකේ තියෙන SAM file එක ෆ්ලොපි ඩිස්ක් එකකට ලබා ගෙන වෙනත් පරිගනකයක් හා මෙම SAM file රීඩ් කරන සොෆ්ට්වෙයාර් එකක් භාවිතයෙනුත් පුලුවන්.හැබැයි මීට වඩා බොහොම කරදරකාරී.
ඊළග අවස්ථාවේ නම් නොවැරදීම   ලබා දෙන්න.
හරි දැන් වැඩේ අහවරයි.රී බූට් කරල බලන්න.කෙහොමද වැඩේ???.සුපිරි ද?

මම මේ ළගදී hacking ගැන e book එකක් කියෙවුව.ඉස්සෙල්ල කියපු එක නම් ඒකෙන් ගත්ත එකක් නෙවෙයි.hacking ගැන තව හුගක් දේවල් තියෙනව කතා කරන්න නම්...ඒත් ඉතින් සේරම එක පාරටම කියන එක ගතියක් නෑනෙ...