Wednesday, September 14, 2011

කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර පරිගණකයකින් වෙබ් අඩවියකට පිවිසීම වැළැක්වීම

මම මේ බ්ලොග් ලිපිය ලියන්න හිකුවෙ මේ ළගදි තිබුණ සම්මණ්ත්‍රණයකදි කරපු දේශනයක් නිසා...ඒකට ආපු වැඩර් කෙනෙක් අපි හොර රහසේම අපට තහනම් කරපු වෙබ් අඩවියකට ලොග් වුනොත් එසැනින් ජංගම දුරකතනයකට පණිවිඩයක් යැයෙන සේ මෘදුකාංගයක් හදල තිබුණ...අපි ඊට සමාන වැඩක් වැඩි කරදරයක් නැතුවම කරන හැටි බලමු
හරි වැඩි විස්තර නැතුවම අපි වැඩේට බහිමු....
ඔබේ වින්ඩෝස් ස්ථාපිත කර ඇති පාටිෂන් එකට පිවිස windows\system32\drivers\etc වෙත පිවිසෙන්න.
දැන් එහි ඇති host file එක මත right click කර open විධානය ලබා දෙන්න.
එවිට ලැබෙන open with dialog box එකෙන් notepad තෝරන්න.
එවිට 1 රූපයේ ආකාරයට notepad විවෘත වේවි. Windows 7 වලදී නම්. රතු පාටින් ලකුණු කළ කොටසත් දක්නට ලැබෙනවා.එවිට එම කොටස මකා දමන්න.(windows xp වලදි මම හිතන විදියට එම කොටස කොහොමත් නැති වේවි.)
1 රූපය
එහි යටම සදහන් වෙන #   127.0.0.1    localhost යන පේළියට පහළින් 2වැනි රුපයේ ආකාරයට        127.0.0.2       localhost web address  ලෙස සටහන් කර save කරන්න.(මෙහි web address  ලෙස දක්වා ඇති තැනට ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ යොදන්න)

2 රූපය

No comments:

Post a Comment