Tuesday, September 6, 2011

Future of 4G in Sri Lanka

4G තාක්ෂණය ගැන කතා කරන්න ඉස්සෙල්ල අපි 3G ගැන පොඩ්ඩක් කතා කරල ඉමු. 3G පාවිච්චි කරන්නෙ WCDMA(Wideband Code Division Multiple Access),CDMA2000 කියන තාක්ෂණයන්.CDMA,FDMA කියන්නෙ මොකක්ද කියල දැනි පැහැදිලි කර ගනිමු.FDMA(Frequency Division Multiple Access)වලදි සිදුවන්නෙ ජාලය භාවිතා කරන එක් එක් ග්‍රාහකයින් සඳහා වෙන වෙනම විවිධ සංඛ්‍යාත භාවිතා කිරීමයි.නමුත් CDMAවලදි භාවිතා වෙන්නෙ එකම සංඛ්‍යාතයකි.නමුත් එක් එක් ග්‍රහකයින් සඳහා විවිධ codes භාවිතා වෙයි. 3Gවලදි පාවිච්චි වෙන WCDMAවලදි ඉහල band(5MHz)එකක් තමයි භාවිතා වෙන්නෙ.
4G තාක්ෂණය ඇති Galaxy S 2 
ඇත්තටම අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දි දුරකතන සමාගම් පවසන වේගය ලැබෙන්නෙ නෑ.ඒකට හුඟක් කරුණු බලපානව.ඔය වෙළඳ දැන්වීම්වල නම් කියනව 21Mbps,28Mbps වගේ වේගයන් ලබා දෙනව කියල.හැබැයි ඉතින් 7.2Mbps වේගයවත් ලබා දෙනවැයි කියන එකත් හීනයක් තමයි.
දුරකතන කුළුණකට හැසිරිය හැකි කිසියම් උපරිම චැනල් සංඛ්‍යාවක් තියෙනව.එම කුළුණ භාවිතා කරන ග්‍රාහකයින සංඛ්‍යාව වැඩි වෙන තරමට පෙර සඳහන් කළ හේතුව නිසා කුළුණේ ආවරණ කලාපය ක්‍රමයෙන් අඩු කිරීමට සිදු වෙනවා.මෙම සියලු කුළුණු MTSO(Mobile Telephone Switching Office)කින් පාලනය කරනවා.එක් කුළුණකට ලබාදිය හැකි උපරිම වේගය 7.2Mbps කියල හිතුවොත් එම කුළුණට ග්‍රහකයින් සිය ගණනක් සම්බන්ධ වී සිටින විට එම පිරිසට ලැබෙන්නෙ 7.2Mbpsට වඩා බොහොම අඩු වේගයක්.තවත් දෙයක් තියෙනවගමේ හැම කුළුණක් ම MTSO සමඟ සම්බන්ධ කෙලින්ම සම්බන්ධ නොවී තවත් කුළුණක් හරහා සම්බන්ධ වෙන්න පුලුවන්.එහෙම වුනොත් වේගය තවත් අඩු වෙනවා.
තවත් දෙයක්,ඉහත උපරිම වේගය සෑම ග්‍රාහකයෙක් අතරම සමානව බෙදී යන්නෙත් නෑ.දුරකතන කුළුණට ඇති දුර අනුව ලැබෙන වේගය වෙනස් වෙනව.
දුරකතන කුළුණකට ලබා දෙන වේගය මනින සම්මතයක් තමයි E1 කියන්නෙ.E1 එකක් කියන්නෙ 2.048Mbps ක වේගයක්.සාමාන්‍යෙයෙන් කුළුණකට E1 2ක්වත් ලබා දිය වුවත් අපේ රටේ හුඟක් කුළුණුවලට ලබා දීල තියෙන්නෙ E1 එකක වේගයක්.ඔය දුරකතන සමාගම් වෙළඳ දැන්වීම්වල සඳහන් කරන වේගයන් ලබා දෙන්න නම් අනිවාර්යෙන් කුළුණු MTSO එකත් සමඟ fiber optic cable වලින් සම්බන්ධ කරන්න ඕන.නමුත් අපේ රටේ සම්බන්ධ කරල තියෙන්නෙ radio links වලින්.ඒ වෙනුවට අද අපේ රටේ දුරකතන සමාගම් ඊට වඩා ලාබෙට උපකරණ බද්දට අරගෙන පාලනය කරපු තත්ව යටතේ “4G තාක්ෂණය හඳුන්වා දුන්නැයි පාරිභෝගිකයන් නොමඟ යවනවා.
4G ඩොන්ගලයක්
හරි අපි දැන් අපි ආයෙත් 4G තාක්ෂණය ගැන කතා කරමු.ඇත්තටම දුරකතන සමාගම් මොනව කිව්වත් තවමත් අපේ රටේ තියෙන්නෙ 4G තාක්ෂණයට මාරු වෙමින් පවතින ජාලයි(3.9G). පාලිත තත්ව යටතේ මෙමගින් 100Mbps තරම් download වේගයක් ලබා ගන්න පුළුවන්.ITU විසින් 2010 දෙසැම්බරයේදී ප්‍රකාශයට පත් කළ ආකාරයට දැනට හතර වන පරම්පරාවේ දී දැනට තිබෙන LTE හා mobile WiMAX තාක්ෂණයන් 4වන පරම්පරාවේ ජාලවල අවශ්‍යතාවන් සපුරාන්නේ නැති බවත් LTE Advanced හා WirelessMAN-Advanced පමණක් 4වන පරම්පරාවේදී යොදා ගත යුතු බවද නිර්දේශ කරන ලදී.මෙහිදී යොදා ගන්නා bandwith එක 5~20MHz(ඇතැම් විට 40MHz)අතර පරාසයක පවතී.තවද 4 පරම්පරාවේ දී ජාලවල download වේගය 1Gbps(100 Mbps for mobile users)විය යුතයි.නමුත් Motrolla සමාගමට අනුව සැබැවින්ම සාමාන්‍ය තත්ව යටතේ මෙවැනි ජාලයකින් ලබා ගත හැකි වේගය 8Mbps තරම් වෙන්නෙ.මට කියන්න අත්‍යවශයම කාරණාවක් අමතක වුණා.මීට පෙර පරම්පරාවලදී data හා voice ජාලයේතිබුණෙ වෙන වෙනම.නමුත් 4G තාක්ෂණයේදි සියල්ල data මතට ගෙන එනවා.ඉතා ඉහළ මට්ටමේ real time audio, high speed data, HDTV video content, mobile TV වගේ multimedia පහසුකම් ලබා ගැනීම,අවම වශයෙන් 100Mbps වේගයෙන් ලෝකයේ ඕනෑම තැන් දෙකක් අතර දත්ත හුවමාරුව, Seamless connectivity(no disturbances in the applications that the user is running or downloadings) වැනි වාසි රැසක් හතරවන පරම්පරාවේදී අපට අත්විදිය හැක.මෙම හතරවන පරම්පරාවෙදි භාවිතා වෙන්නෙ OFDMA(Orthogonal FDMA)කියන තාක්ෂණය.ඇමරිකාව.රුසියාව.දකූණු කොරියාව වගේ රටවල් LTE networksපිහිටුවල තිබුණත් තවමත් LTE Advanced networks ගැන මට සොයා ගන්න බැරි වුණා.ඉතින් ලංකාවට ඇත්තටම 4G ලැබෙන්නෙ කවදද කියල හිතා ගන්නවත් බෑ.

                                                මෙතෙක් බිහි වි තිබෙන තාක්ෂණයන් ගැන සාරාංශයක්
තවත් විස්තර සඳහා http://en.wikipedia.org/wiki/4G පිවිසෙන්න.











No comments:

Post a Comment