Tuesday, August 30, 2011

Facebook members're in danger....

ඔබ සමහර විට මේ ගැන දැනුවත් ඇති.නමුත් මම කියන්නම්...
හුගක් facebook සාමාජිකයන් facebook හරහා එවන facebook applications allow කරනවා.හැබැයි symantec සමාගම මේ ළගදි හොයා ගෙන තියෙනව මේ හුගක් දෙනෙක් භාවිතා කරන facebook applications 100,000 ක් පමණ හරහා තවත් තුන් වන පාර්ශවයකට මෙම app භාවිතා කරන සාමාජිකයන්ගේ ගිණුම්වල තොරතුරු සොයා බැලීමට හැකි වී තිබෙනවා.
පුදුමයට කාරණය නම් මේක අවුරුදු දෙක තුනක සිටම සිදුවීමයි...
මේකට හේතු වෙලා තියෙන security ගැටලුව මේ වන විට නිවැරදි කර ඇති බවයි පැවසෙන්නේ.මෙහිදී අප විසින් application    ලබා දෙන අවසරය තුන්වන පාර්ශවයටද ලබා ගැනීමට හැකි වූ බව සදහන්.කොහොම වුනත් මේවයින් ආරක්ෂා වීමට පියවර ගන්න....
ආආආ...තවත් කරුණක්...ඔබට මීට මාස කිහිපයකට පෙර ඔබේ facebook ගිණුමට නිතර නිතර ඔබේ fb ගිණුම වැඩිපුරම නරඔා ඇත්තේ කවුද කියල බලන්න කැමතිද? කියල පණිවිඩ ආව මතක ඇති නේද...මේකත් spam application එකක්.මේ හරහා ගියහම අපිට කියනව ඒ ගොල්ල දෙන java script එක       වෙනත් කෙනෙකුගෙ wall එකට පේස්ට් කරන්න කියල..මෙමගින් ඔවුන්ට ලේසියෙන්ම accounts වලට ඇතුලු වෙලා spam කරන්න පුලුවන්.මෙම app එක දැන් ඉවත් කරන්න උත්සහ කරනවලු.ඔබේ acount එකත් තවමත් මේ application එක තියෙනම් දැන්ම අයින් කරන්න.

No comments:

Post a Comment