Wednesday, August 31, 2011

කිසිදු software එකක් භාවිතා නොකර Windows 7 logon screen එක වෙනස් කර ගැනීම

Windows xp වලදි නම් මේ වගේ වැඩ කර ගන්න Logon Studio හෝ Tune up Software එක භාවිතා කළ බව මතකයි මතකයි වගේ.Windows xp වලදිත් boots screen,logon screen වෙනස් කිරීම software භාවිතා නොකර කර ගන්න පුලුවන්.නමුත් ඒක risky වැඩක්.ඒ නිසා software එකක් මගින් සිදු කිරීම ඇගට ගුණයි.නමුත් Windows 7 දි මේ තත්වය වෙනස් වෙලා තියෙනව.
හරි අපි වැඩේට බහිමු.
1)මුලින්ම Windows ස්ථාපිත කරල තියෙන පාටිෂන් එක වෙත පිවිසෙන්න.
2) \Windows\System32\oobe පාත් එක හරහා ගොස් එහි New folder නිර්මාණය කර එය info ලෙස rename කරන්න.නැවතත් info තුළ ද New folder නිර්මාණය කර එය backgrounds ලෙස rename කරන්න.  
3)දැන් එය තුළ ඔබට වෙනස් කිරීමට අවශ්‍ය wallpaper එක paste කරන්න. එය backgroundDefault ලෙස rename කරන්න.සැ.යු-මෙහිදී JPEG වර්ගයේ wallpaper එකක් භාවිතා කළ යුතු අතර එය 256KBට වඩා අඩු විය යුතුයි.
4)Start menu එකේ regedit ලෙස search කර regedit වෙත පිවිසෙන්න. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background යටතේ ඇති OEMBackground එකේ value එක 0 සිට 1 ලෙස වෙනස් කරන්න.
හරි දැන් වැඩේ ඉවරයි.බලන්න හරි ගිහිල්ල ද කියල...

No comments:

Post a Comment